Social Media Hack කරන්නෙ කොහොමද?

අපි මේ courses වල කිසිම තැනක Social Media Hacking කියල දෙන්නෙ නෑ.මොකද එහෙම එකක් නෑ.ඒ ඇයි කියල ඕගොල්ලන්ට මේ courses continue කරද්දි තේරෙයි.

එතකොට අර Instagram එකෙ ,Telegram වල එහෙම තියෙන්නෙ සමහර කට්ටිය Facebook,Insta,Twitter Hacking එහෙම කරනව කියල ?

එතනදි ඒගොල්ලො කරන්නෙ අනිත් අයව Hack කරනවා කියල අපෙන් සල්ලි අරගෙන .අපිව රවට්ටන එකයි.ඒක තනිකර Scamming Technique එකක්.

එතකොට අර සමහර කට්ටියගෙ Facebook account ,සහ අනිත් account Hack වුනා කියලා දාන්නෙ ?

එතනදි වෙන්නෙ Social Engineering කරල ඒ කෙනාගෙ account username ,password ගන්න එක හෝ යම් විදිහකින් account එකට access එක ගන්න එක.

මේ accounts attackers යටතට යන්නෙ බොහෝ දුරට User ගේ වැරැද්දෙන්.

  • 2 factor authentication Enable කරන්නෙ නෑ.

  • එක එක අනවශ්‍ය Sites වලට යනවා.

  • හැම දේකටම එකම password use කරනවා / Weak password use කරනවා.

  • Password Managers use කරන්නෙ නෑ.කොහෙ හරි Text file එකක හරි sticky note එකක දාල තියනවා.

  • public WiFi use කරනවා.

  • මොකෙක් හරි ගොටුකොලයෙක් Free දෙයක් දෙනවා කියල Link එව්වම ඒක Click කරන්න යනවා.

  • Free Games,Movies ,Apps ගන්න එක එක sites වලට යනවා.

  • මහන්සි වෙන්නෙ නැතුව කාලකන්නියෙක් වගෙ ඉක්මණට සල්ලි හොයන ක්‍රම හොයන්න යනවා.

  • කොච්චර කිව්වත් අහන්නෙ නැතුව Features වැඩියි කියල Mod App use කරනවා.

මේ වගේ හේතු ගොඩක් තියෙනවා.

අනික Facebook වල 2FA ඔන් නොකර ඔයාගෙ mobile number එකෙන්මනම් account එක තියෙන්නෙ, password එක reset කරන එක පට්ට ලේසි.

මීට පස්සෙ කවුරු හරි එකෙක් ඇවිත් “මචන් FB account එකක් තියෙනව Hack කරල දෙන්න පුලුවන්ද ?“ කියල ඇහුවොත් උට කනට දෙකක් ගහල මේ Text එක පෙන්නන්න

දැනටමත් කියෙව්ව වැඩි වගෙ.මේ වගේ දේවල් ගැන අපි Course එකේදි ඉදිරියට කතා කරමු.

Last updated